Monday, December 17, 2018

වසර 20 කට පසු තිලංග ක්‍රිකට් සභාපති තරගය අතහරී

SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පුටුව වැඩිම කාලයක් හෙබවීමේ වාර්තා තබා ඇති තිලංග
සුමතිපාල මෙවර 2018 සභාපති තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.1997 සිට අවස්ථා 4 කදී සභාපති ධූරය හෙබවූ ඔහු වසර 20 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වෙමින් විවිධ කටයුතු කළේය. ඔහු ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය බවට විවේචනද පැවතිණි.
පසුගිය කාලයේ
ක්‍රිකට් පාලක මන්ඩලයේ සිදුවූ විවිධ දූෂණ හා අක්‍රමිකතා සමග ශ්‍රීලංකා ක්‍රිකට් ඇදවැටීමකට ලක්ව තිබේ.
 2019 ලෝක කුසලාන අභියෝගය පවතින අතරවාරයේ නව සභාපතිවරයෙකු තෝරාගැනීමේ තරගය පවත්වද්දී අද සවස 3 ට අවසන් කළ නාමයෝජනා භාරදීමට තිලංග එක්වූයේ නැත.
ඔහු වෙනම ප්‍රකාශයක් කර දන්වා සිටියේ තමාගේ දේශපාලන කටයුතු සමග මෙම කටයුත්තට බරක්දීම අපහසු කතාවකි.
2019  වසරේ පෙබරවාරි 7 වන දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට නාම යෝජනා භාර ගැනීම අද පස්වරු 3න් අවසන් වූ අතර ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් හා මොහාන් ද සිල්වා සභාපති තනතුර සඳහා තරඟ වැදීමට නාම යෝජනා භාර දෙනු ලැබ තිබේ.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: