Tuesday, November 27, 2018

බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ද කරනු.. ජනපති නියෝග කරයි.. මහ බැංකු හොරු හෙලි වෙයි..

SHARE
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සිංහල සහ දෙමළ පරිවර්තනයන් සති දෙකක් තුළ ප්‍රසිද්ධ කරන ලෙසද ජනාධිපති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් උපදෙස් දී තිබේ.

කොළඹදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය. පසුගිය රජයේ හිටපු අගමැතිවරයා මුදල් ඇමතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයකට මෙම චෝදනා එල්ල වන්නේ යයි වාර්තා පළ විය. මෙම වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට රටින් පලාගොස් සැඟවී සිටී.

මෙම වංචාවේ සමස්ථ අලාභය වසර 30ක් පුරා දිවෙන බවත් එය රුපියල් ට‍්‍රිලියනයද ඉක්වමන බවත් එවකට රජයේ ඇමතිවරුන්ම පැවසූහ.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: